Friday, December 16, 2011

දුකට වැටෙන කඳුලු කියන කතා


                                  ජිවිතේ කියන්නේ මේ තරම්ම දුකක් කියලා කවදාවත්ම හිතුවේ නැ. පුංචි දවස් වල ඉගනගන්න බැරි කමට බැනුන් ඇහුවා. කොළඹ ලොකු ඉස්කොලේකට ගියාට ඉගනගන්න බැ කිවුවා. ළමයෙක් හැදුවට වඩා හොඳයි කිවුවා එළහාරකෙක් හැදුවනාන්. ඉංග්‍රිසි බැරි නිසා පංතියේ කොන් වුනා. යාළුවෙක්වත් හිටියේ නැ. හැමදාම පංතියේ අන්තිමයා. ආච්චි කිවුවා O/L ෆෙල් වුනාම මාමාගේ ෆැක්ට්‍රියේ අතුගාන්න දාමු කියලා. එත් මං ෆෙල් වුනේනන් නැ. B5 A3 එක්ක O/L ගොඩ ගියා.  ඒ මොනා වුනාත් මට ඉගනගන්න බැ කියන කාඩ් එක අයින් වුනේ නැ.

                    ලොකු වෙද්දි මං අනිත් යාළුවන්ට වඩා කැතයි කියලා හිතුනා. යාළුවන්ට B.F කෙනෙක් හිටියා එත් අඩුම ගානේ කවුරැත් මගේන් ඇහුවෙවත් නැ කැමතිද කියලාවත්... එත් දැන් පිරිමි ළමයි ඔන තරම් එත් මං ආදරේන් පැරදිලා... මං කැමති කෙනාට ගෙදරින් කැමති නැ... ගෙදරින් කැමති කෙනාට මං කැමති නැ... දෙයියනේ මිනිස්සු දියුණු වෙන්නෙ නැද්ද? හැමදාම එක තැන ඉන්නෙ නැනේ.... මං අපේ පවුලේ දැලි ගැවාලු මං මහා කාලකණ්ණියෙක්ලු.... උපාධීයක් කරන්න තරම් ඉගනගත්ත මං කාලකණ්ණියෙක්ද?

            සැකේ......... මේ ලොකුම දුක. වැරැද්දක් නොකර සැක කරන එක හිතට ලොකු දුකක්. විශේෂෙන් අපි ආදරේ කරන කෙනෙක් අපිව සැක කරන එක දරාගන්න අමාරැයි.
                     
                 තාත්තා බනිනවා මං පින්බාතාලු... කාකා බිබි ගෙදරට වෙලා ඔහේ ඉන්නවලු... ජොබ් එකකටවත් යන්නෙ නැලු... ඉතින් ජොබ් ලැබෙන්නෙ නැත්තන් මං මොනා කරන්නද? ලැබෙන එවාට මං කැමති නැ, මං කැමති ජොබ් වලට මාව ගන්නෙ නැ... ඉතින් එකත් මගේද  වැරැද්ද?

                      තවත් ප්‍රශ්න ඔන තරම් තිනවා එත් එවා මේතන කියවලා වැඩක් නැ. වැදගත්ම දේ මේ ඔක්කම ප්‍රශ්න මැද්දෙත් මං තාමත් නොසැලි ඉදිරියට යන එක... රටේ ඉන්න හැම සතේක්ගෙම නම් අහලා හැම අපහාසයක්ම අහලාත් පිට මිනිස්සුන්ගෙන් වගේම ගෙදර මිනිස්සුන්ගේ නැත්නම් තමන්ගෙම කට්ටියගෙන්ම, මම තමත් බිඳ වැටිලා නැ.... මම කළු ගලක් වගේ ශක්තිමත්'.


සිහින මදාරා

17 comments:

  1. නියමයි මදාරා.. නියම ලිපියක්..
    ජය වේවා.. :)

    ReplyDelete
  2. අනිවා මොන බාදක ආවත් ඒවා මග ඇරලා ඉස්සරහට යන කෙනා තමා කවදා හරි ජිවිතේ ජය ගන්නේ

    ReplyDelete
  3. ශා... ඔයා ශක්තිමත්!!! ජය වේවා!! මිනිහෙක්ගෙ ආත්ම විශ්වාසයට කරන්න බැරි දෙයක් නෑලූ...හැම කෙනෙක්ගෙම ඇතුලෙ අසාමාන්‍ය ශක්තියක් සහිත තවත් කෙනෙක් ඉන්නවා. එ කෙනාව අවදි කරගත්තොත් ගොඩ..

    ඔයාට පුළුවන් වරදින්නෙ නෑ!!!

    ReplyDelete
  4. ජිවිතේ කියන්න හරිම පුදුම දෙයක් වැටුන කෙනෙක් නැගිටින්න හදනකොට අයෙමත් වට්ටන්න ඔන තරම් කට්ටිය ඉන්නවා....එත් ඔයාට ඔයා වැටෙන කොට නැගිට්ටවන්න බැරි වුනොත් ඔයත් එක්කම වැටෙන්න බලාගෙන ඉන්න කෙනෙක් ඔයා ගාවටම වෙලා ඉන්නවා...එයත් ඉස්සර ගලකට වඩා ශක්තිමත්,හුළඟ වගේ නිදසස් එත් එයගේ ජිවිතෙට තටු බිදුනු සුරංගනාවියක් එනවා නොහිතපු විදිහට එදා ඉදන් එයා එ සුරංගනාවිට තටු දෙන්න නොසෑහෙන්න මහන්සියක් ගන්නවා..මේක හරියට චිත්‍රපටයක් වගේ දුක වෙදනා හැල හැප්පිම් මැදින් දෙන්නගේ ආදර කතාව ගලාගෙන යනවා....අවසානයක් නැතිව....එයාට සුරංගනාවිය ජිවිතේ වෙලා...එ ලස්සන හුරතල් ඇස් දෙකට වෙනුවෙන් එයාට මැරෙන්න වුනත් පුලුවන්....එයා ඇය වෙනුවෙන් ඔනම දෙයක් කැප කරන්න බලගෙන හිටියා,ඉන්නවා,ඉස්සරහටත් ඉන්නවා...එ සුරන්ගනාවිය හිතන්නේ එයා තනිවෙලා කියලා එත් එහෙම වෙලා නෑ..එයාට පණටත් වඩා ආදරෙ කරන කෙනෙක් එයා වෙනුවෙන් දිවි දෙන්න ඔනම එව්ලාවක බලගෙන ඉන්නවා..මතක තියා ගන්න සුනංගනාවිය තනිවෙන්න එයාට මැරෙන්න වෙයි....එතකන් සුනංගනාවිය තනිවෙලා නෑ

    ReplyDelete
  5. විහිළු නෙමේ මිනිස්සු කියන කතා වලට ජීවිත වෙනස් වෙන්න පුළුවන්,එත් ඒවාට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් අය හුඟක් අඩුය්.ජීවිතේ ජීවත් වෙන්න කොච්චර අමාරුද,අපේ තියෙන ප්‍රතිපත්ති,මිනිස්සු එක්ක කෙලින් වැඩ කරන හැටි එක්ක අපේ ජීවිතය තීරණය වෙනවා කියල නිකමට වත් හිතනවද???

    ReplyDelete
  6. මේ ජීවිත ගඟ ගලන්නේ අපිට ඕන විදිහට නෙමෙයි.. මේ හැම දෙයක්ම වෙනස් වෙන දවසක් ඒවි මහී.. එතකන් ඉවසලා ඉන්න..

    ReplyDelete
  7. මේක ලිව්වේ මදාරා ද.

    මාත් ටික කාලයක් රස්සා නැතිව ගෙදර වෙලා හිටියා. මට ඒක මතක් උනා. මට එකම එක රස්සාවක්වත් හරි ගියේ නෑ.

    "පුතේ උබට කන්න අඳින්න දෙන්න මේ අප්පච්චිට තාම හයිය හත්තිය තියෙනවා !!" ඔන්න ඔච්චරයි අපේ අප්පච්චි කිව්වේ. අම්මත් මට කවදාවත් ඔහොම කියලා නෑ.

    මේ ලිපියේ කියන විදිහට මෙහෙම කියන අයත් ඇති. මොනා උනත් මදාරා නංගිගේ අදහස් ලස්සනයි !!!

    ReplyDelete
  8. හිත හැමදාම ශක්තිමත්ව තියාගන්න. මොන දේ උනත්.. කව්රු මොනවා කියුවත් තමන්ගේ පාරේ තමන් යන්න, කදුළු වලට ජිවිතේ ඉඩ දෙන්න එපා..

    ReplyDelete
  9. මං කියන්නෙ නැහැ ජීවිතේ ඔහොම තමයි කියලා.ඒත් මං අත්දැකීමෙන් දන්නවා,අපිට ආදරෙ කියන අය,එයාලා කැමති දේවල් අපි නොකරනකොට,එයලා බලාපොරොත්තු උන දේවල් අපෙන් එයලට ලැබෙන්නේ නෑ කියලා හිතුනම හෝ දැනුනම ඔයිටත් වඩා නපුරු කුහක වෙනවා.අම්මා තාත්තාටත් අපි අන්තිමට කරදරයක් වෙනවා.
    මං උසස්පෙල පලවෙනි වාරෙ ෆේල් වෙලා දෙවෙනි වාරෙ කරන්න බෑ කියද්දි, හිතේ හයිය 0ට වැටිලා අසනීප උනාම අපේ ගෙදර මිනිස්සු කිවුවා මැරිලාවත් යන්නේ නෑනෙ මේක ඉවරයක් වෙන්න කියලා.
    ඒත් එවෙලාවට හිතන්න පුලුවන් නම්, මගේ ජීවිතේ මට වටිනවා,මගේ කැමැත්ත, ආසාවල් හීන මට වටිනවා, මං ඒවා ඉශ්ඨ කර ගන්නවා සැබෑ කරගන්නවා කියලා, ඔයට දිනන්න පුලුවන්,
    තමන්ගැන විශ්වාසෙ තියගන්න, ඉලක්කයක් තියාගන්න,කැපවෙලා කරන ඕනම දෙයක් කරන්න, ඔයාට වරදින්නෙ නෑ.අත්දුටුවයි ප්‍රත්යක්ශයි.දැන් ඔයාට බනින අයටම ඔයාව ගොඩාක් ඕන් වේවි

    ReplyDelete
  10. ඔවා ඔහොම තමයි බං.... සමහර වෙලාවට අම්මලා ඒවා කරන්නෙ ළමයි තව දිරිමත් කරන්න... මං 5 විභාගෙන් පාස් වෙලා අම්මට ලකුණු 150 යි කියද්දි අම්මා කීවෙ... ආපො 150 ද කියලා.....

    ReplyDelete
  11. //මම තමත් බිඳ වැටිලා නැ.... මම කළු ගලක් වගේ ශක්තිමත්// අන්න එහෙමයි ඉන්න ඕන.

    මම නං හිතන්නෙ ජීවිතේ දුක සහ සැප කියන දෙක බැලන්ස්වෙලා තියන දෙයක්. ජීවිතේ මුල්කාලෙ ගොඩක් දුකෙන් ඉන්න සිද්ධවෙන අය පස්සෙ කාලෙක ඇරියසුත් එක්ක සතුටින් ඉන්නව. ඒ වගේමයි අනිත් පැත්ත ගත්තත්. තව උදාහරණෙකට දුප්පත් මිණිහෙකුයි පොහොසත් මිණිහෙකුයි ගත්තොත් ඒ දෙන්නගෙන් ජීවිත කාලෙ වැඩි කාලයක් සතුටෙන් හිටියෙ කවුද කියල හරියටම කියන්න බෑ. සමහර විට දුප්පතා වෙන්නත් පුළුවන්. ඇස් අන්ධවෙලා අතපය නැතුව උපදින අය ඉන්නව පුදුමාකාර හැකියාවල් තියන. එතනත් තියෙන්නෙ සොබාදහමේ බැලන්ස් කිරිල්ල තමයි. ඒ දේවල් ගැන ගොඩාක් කල්පනා කරල දුක්වෙන්න ‍වැඩක් නෑ. තමන්ට ලැබිල තියන දේවල් ගැන හිතල සතුටු වෙන්න ඕන.
    ජයවේවා!

    ReplyDelete
  12. ඉස්ඉස්සෙල්ලාම මේ පැත්තට ආවෙ අද උනාට මේ පෝස්ටුව දැක්ක ගමන් හිත පොඩ්ඩක් ගැස්සිලා ගියා..කොහොම උනත් හැම දේකින්ම පස්සේ අන්තිමටම තමන්ට ඉතුරු වෙන්නෙ තමන් විතරයි..අපි ගොඩක් ආදරෙන් ලන්කර ගන්න ගොඩක් අය අපි වැටුනු වෙලාවට අපිට එයාලව ඕනිම වෙලාවට අපිව දාල යනවා.කමක් නෑ යන උන් ගියාවේ...කවුරු ගියත් ඔය හිතේ ආත්මවිශ්වාසයට..කවදාවත් ඈත් වෙන්න දෙන්න එපා...

    ReplyDelete
  13. හැමෝට ම ජීවන ප්‍රශ්න තියෙනවා මදාරා. ඔයා ශක්තිමත් නම්, ඒ හොඳට ම ඇති ජීවිතේ ට මූණ දෙන්න. හැමදේම විඳ දරාගෙන අනාගතේ ගොඩනඟන්න......

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  14. වැටෙන නොවැටෙන
    ගස්ය අපි
    වැටුනත් යලි දිරායන
    පසින් යලි මතුවෙන
    ශේෂවූ හැම මත
    ජීවිතය තවරන
    අපි


    බොහොම සංවේදී එහෙද් දිරිගන්වන සුළුයි

    ReplyDelete
  15. Red Riding Hood, dagakara kolla, රාජ්,හිතුවක්කාරි,Anonymous = බොහොම ස්තුති.

    තරිඳු = සුනංගනාවිය තනිවෙලා නෑ කියලා මං දන්නවා ඒ වගේම සුරංගනාවි ලග ඉන්න කුමාරයත් තනි වෙලා නැ කියලා මතක තියාගන්න.

    Tharinduhw122 = ඔව් දන්නවා සහෝ. ජිවිතේ කියන්නෙ මොකක්ද කියලා අර්ථකතනය කරන්න නොදන්නවා වුනාට ජිවිනේ ගැන දන්නවා....

    Dinesh = මහි ලියන යාළුවෝ දෙන්නම ඉවසිම ගැන හොඳට දන්නවා.... හම්ම්ම්.... ඉවසිම නිසා අපිට ලැබුන දේ වගේම නැතිවුන දේත් බොහොමයි එත් තවමත් ඉවසිමෙන් බලන් ඉන්නවා :) :) :)

    මධුරංග = මම තමයි ලිවුවේ අයියේ... ස්තුති :D

    වර්ණා = කවදාවත්ම නැ :)

    නරකයා = :) හම්ම්ම්.....

    ~~තරූගේ ලෝකය~~ = මුලින්ම මේ පැත්තට ගොඩවැදුනාට ස්තුති. කිවුව කතාවනන් සහාතික ඇත්ත.


    ~~**දඟ මල්ල**~~ = හම්ම් ස්තුති දඟේ මගේ අතිජාත මිතුරිය.

    Janaranga Wijaindu Dewasurendra= ස්තුති :)

    ReplyDelete
  16. මටත් පොඩි කලේ කාලකන්නිය කියල ඉගන ගන්න බැහැ කියල ඉස්කෝලේ කොන්කරා .එත් අද ඒ කොන්කරපු ගුරුවරියගේ පුතා රස්සාවක් නැතිව පාරේ රස්තියාදු ගහනවා.මන් අද ටිකක් හොඳ රස්සාවක් කරනවා.දැන් කවුද එතකොට කාලකන්නිය සැලෙන්න එපා .

    ජයවේව!!

    ReplyDelete